දකුණු පළාත තුළ පැතිර යන ඉන්ෆ්ලුවන්සා උණ වෛරසය දිවයින පුරා පැතිර යෑමේ අවදානමක් ඇති හෙයින් දෙමවුපියන් විසින් තම දරුවන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබා දීමට පියවර ගැනීමත් සමග මේ වන විට පෞද්ගලික රෝහල් එම එන්නත විශාල මුදලකට අලෙවි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය සඳහන් කරයි.
බොහෝ පෞද්ගලික රෝහල් ඉන්ෆ්ලුවන්සා එන්නත අලෙවි කරන්නේ රුපියල් 2,000 මුදලකට වන අතර ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට තවත් රුපියල් 2,000ක්ද අදාළ රෝහලට ගෙවිය යතු බවත් දකුණු පළාතේ එම එන්නත අලෙවි කරන මුදල රුපියල් 5,800ක් වන බවත් එම සංවිධානය පවසයි.
රෝග නිවාරණය සඳහා ඉන්ෆ්ලුවන්සා එන්නත ලබා ගැනීමෙන් රෝගය වැලඳීමේ අවදානම අවම කරගත හැකි නම් එම එන්නත රජයේ රෝහල් සඳහා ලබා දීමට කටයුතු නොකරන්නේ ඇයිද? යන්න පිළිබඳ ගැටලුවක් ඇති බවත් එසේ නොහැකි නම් සාධාරණ මිලකට එම එන්නත ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම රජයේ වගකීම බව එම සංවිධානය අවධාරණය කර සිටියි.