මෙම මස පළමු වැනිදා සිට මේ දක්වා අතර කාලය තුළදී ඉන්ෆ්ලුවන්සා වෛරස් උණ වැළඳුණු කුඩා දරුවන් 270දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලෙන් නේවාසික ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර ඉන් දරුවන් අට දෙනෙකු මියගොස් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
මේ වනවිටත් කුඩා දරුවන් 29 දෙනෙකු රෝගය වැළඳීමෙන් රෝහලේ ළමා වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන බවද හෙතෙම පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රෝහල් අධ්යක්ෂවරයා,
“වෛරස් උණ වැලඳී රෝහලට ඇතුළත් කරන දරුවන් බාහිර රෝගී අංශයේදී පරීක්ෂණයට ලක් කරනවා. ඉන්ෆලුවන්සා වෛරස් උණ වැලඳුණු දරුවන් තමයි නේවාසික ප්‍රතිකාර ලබාදීමට ළමා වාට්ටුවලට ඇතුළත් කරන්නේ. අනෙක් දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර කර බෙහෙත් ලබදී ඔවුන් පිටත් කරනවා. පසුගිය දින දෙක තුළ මාස හයක දරුවෙක් මියගියා. ඒ දරුවා උපතින්ම හෘද රෝගී තත්ත්වයෙන් පෙළුණු අයෙක්. මේ වනවිට කුඩා දරුවන් 08 දෙනෙකු මෙකී වෛරස් උණ වැලඳීමෙන් මියගොස් තියෙනවා. ඉන් දරුවන් පස් දෙනෙකු ඉන්ෆලුවන්සා ඇඩිනෝ ඇතුළු වෛරස් කිහිපයකින් මියගිය බවට හඳුනාගෙන තියෙනවා. අනික් දරුවන් තිදෙනාත් මෙම වෛරස් උණ වැලඳීමෙන් මියගිය බවට සැකකරනවා”යැයිද පවසා සිටියේය.