ත්‍රිවිධ හමුදාව යොදවා ඉන්ධන සැපයුම අඛණ්ඩව සිදු කළ යුතු බව තමන් ජනාධිපතිවරයාට යෝජනා කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මිලියන 21 ක් පමණ වන ශ්‍රී ලාංකිකයින් අසීරුතාවයට පත් නොකළ යුතු බවත් ජනතාවගේ සැපයුම් නතර කිරිමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔහු පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් සමග අද (24දා) පස්වරුවේ පැවැත් වූ සුහද සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
"ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදිමට පළමුව එකඟතාව පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එම කාලයේ දී වෘත්තීය සමිති මුනිවත රැකි බව කිව යුතුයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලින් ප්‍රයෝජන ගත යුතුයි. ඛණිජ තෙල් සංස්ථාවට ආදරයක් තිබේ නම් තෙල් ටැංකි වලින් ආදායම් ලබා පෙන්විය යුතුයි. ඇතැම් වෘත්තීය සමිති රජය පෙරලා දැමීමට තෙල් ටැංකිවල එල්ලී සිටිනවා.
ඉන්දීය රජය තෙල් ටැංකි සංවර්ධනය කර ආදායමක් ලබාදෙනවා නම් එය ඉතා වැදගත් දෙයක්. දේශපාලන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට රජය දැඩි ලෙස ක්‍රියාමාර්ග ගත යුතුයි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.