ඉන්ධන මිල සූත්රය ගැන මුලින් ජනතාව දැනුවත් කළ යුතුයි
ඉන්ධන මිල සූත්රයක් සකස් කරනවා නම් මුලින්ම ඒ පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු බවත්, එම වැඩපිළිවෙළ හරහා ඉන්ධන මිල ඉහළ යෑම සිදු නොවිය යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන මිල සූත්රය හරහා ජනතාවට බර පැටවිය නොහැකි බවද එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
පෙට්රල් හා ඩීසල් මත පනවා තිබෙන අධික බදුමුදල නිසා රුපියල් මිලියන එකසිය හතළිහක් දිනකට පාඩු ලබන බවත්, ඒ හරහා සංස්ථාව පාඩු ලබන බවට පෙන්වා දී මෙම කුමන්ත්රණය දියත් කර තිබෙන බවත් කැඳවුම්කරු සඳහන් කළේය.
ආණ්ඩුවේ බදුබර නිසා පෙට්රල් ලීටරයකින් රුපියල් 14 ශත 20කුත්, ඩීසල් ලීටරයකින් රුපියල් 14 ශත 25කට ආසන්න ප්රමාණයකුත් පාඩු සිදුවන බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව තෙල් පිරිපහදුව ස්ථාපිත කර තිබෙන්නේ බොරතෙල් පිරිපහදු කර ජනතාවට අඩු මිලට ඉන්ධන ලබාදීමට බවත්, එහෙත් ආණ්ඩුවේ බදු ප්රතිපත්තියට අනුව පිරිපහදු කරන පෙට්රල් ලීටරයකට රුපියල් 27කුත්, ඩීසල් ලීටරයකට රුපියල් 13ක බද්දකුත් අයකරගනිමින් සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


