ලංකා අයි.ඕ.සී. සමාගම ඩීසල් හා පෙට්‍රල් මිළ ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. එහි කළමණාකාර අධ්යක්ෂ ශායම් බොහ්රා මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් වන තීරණය නුදුරේදීම ගන්නා බවයි.
ජාත්‍යන්තර වෙළඳපොළ තුළ අඛණ්ඩව ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවෙනු ඇති බවත් ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් මිළ ඉහළ යන්නේ කොපමණ ප්රතිශතයකින්ද යන්නත් මේ දක්වා තීරණයක් ගෙන නොමැත.