ඉන්ධන මිල ඉහළ යා හැකි බවට සමාජය තුළ මතයක් පැතිරවීමට ඇතැම් පාර්ශ්වයන්ගේ අපේක්ෂාව වුවත්, ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිසේත්ම අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ඊයේ (07දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" ඉන්ධන මිල පහළ දැමීම හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවන බැවින් මිල ඉහළ නැංවිය යුතු බවට ඉන්දියානු තෙල් සමාගම මෙන්ම, ඛණිජ තෙල් සංස්ථාවේ ඇතැම් නිලධාරීන් සිදුකරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැහැ.
ජනතාවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන ආණ්ඩුව සැමවිටම සලකා බලන්නේ ජනතාවගේ පාර්ශ්වය දෙසයි. ආයතන විවිධ හේතු මත පාඩු ලබන තත්ත්වයකට පත්වෙනවා. ඒවාට බොහෝ විට හේතු වන්නේ නිසි කළමනාකාරීත්වයක් නොමැති වීම නිසයි.
එබැවින් තෙල් මිල ඉහළ යා හැකි බවට සමාජය තුළ මතයක් පැතිරවීමට ඇතැම් පාර්ශ්වවල අපේක්ෂාව වුවත්, එය කිසිසේත්ම ඉටු නොවන අපේක්ෂාවක් බව පැවසිය යුතුයි.
මෛත්‍රී - රනිල් යහපාලන ආණ්ඩුව සැමවිටම සිතන්නේ ජනතාවගේ පාර්ශ්වයෙනුයි. ඒ නිසා ඉන්ධන මිල තවදුරටත් පහළ දැමීම මිස ඉහළ නැංවීම කිසිසේත්ම සිදුවන්නේ නැහැ."යැයි පවසා සිටියේය.