බ්ලුමැන්ඩල ජැටියේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙනයන නළයක ඇතිවූ ඉන්ධන කාන්දුව නැවැත්වීම සඳහා නළ පද්ධතිය ඉන්ධන මුදාහැරීම නවතා දමා තිබේ.
බ්ලුමැන්ඩල ජැටියේ නවතා තිබූ ගුවන්යානා ඉන්ධන සහිත නැවකින් ඉන්ධන ගොඩබාමින් තිබියදී ඔරුගොඩවත්ත ප්ර‘දේශයෙන් ගමන්කරමින් තිබෙනා නළයක සිදුරුවීමක් නිසා පැය ගණනාවක් එම ස්ථානයෙන් ඉන්ධන කාන්දුවූ බව ප්ර‘දේශාවාසීහු පවසති.
මේ නිසා ඉන්ධන කාන්දුවීම නවතා දැමීම සඳහා නැවෙන් ඉන්ධන ගොඩබෑම නවතා දැමීමට තෙල් සංස්ථා බලධාරීන් කටයුතු කර තිබේ.