ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා ඇතුළු දූත පිරිස මීට ස්වල්ප වේලාවකට ප්රථම කටුනායක ගුවන් තොාටුපොළට ළගා වූහ.
ඔවුහු ඉන්දුනීසියාවට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායකට පැමිණියහ. මෙම සංචාරය තුළදී ඉන්දුනීසියානු ජනපතිවරයා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එසේම දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතය.