දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා 24 දා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. ඔහු 25 දා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිතය. දිවයිනට පැමිණෙන ඉන්දුනීසියානු ජනපතිවරයා ජනපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඇතුළු රජයේ ඉහළ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව ඉන්දුනීසියානු ජනපතිවරයා ශ්රී ලංකා සංචාරයකට එක්වෙයි.