ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව සුහද සංචාරයක් සඳහා අද (19දා) කොළඹ වරායට පැමිණ තිබේ. එසේ පැමිණි නෞකාව නාවික සම්ප්රදානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහ සුහද ක්රීඩා තරග කීපයකටද එහි නැව් මුළුව සහභාගීවීමට කටයුතු යොදා ඇත.
මෙම නෞකාව මෙම මස 22 වන දින නැවත කොළඹ වරායෙන් පිටත්වීමට නියමිතව ඇත.