ජීවිත 13ක් බිලිගත් ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් හර්කියුලීස් C-130 ගුවන් යානා අනතුරට හේතුව අයහපත් කාලගුණය බවට විශ්වාස කෙරෙයි.
ඉන්දුනීසියාවේ, පැපුවා පළාතේ කඳුකර ප්‍රදේශයකදී අද උදෑසන සිදුවූ අනතුරින් යානයේ නියමුවන් තිදෙනා ඇතුළු හමුදා සාමාජිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
ටිමිකා සිට වමීනා දක්වා ආහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් තිබියදී මෙම භාණ්ඩ ප්‍රවාහන හර්කියුලීස් යානය සිය ගමනාන්තයට ආසන්නව අනතුරට පත්ව තිබුණි.
වමීනා ගුවන් තෙටුපොළ බලධාරීන් ගුවන් යානයේ ගමන්මග නිරීක්ෂණය කර තිබුණත්, එම යානය විසින් ධාවන පථය නිසි ආකාරයෙන් හඳුනා ගත්තේද යන්න පැහැදිලි නොමැති බවද කියයි.
ඉන්දුනීසියාව තුළ ගුවන් ගමන් ඉතිහාසයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින්නේ එතරම් යහපත් තත්ත්වයක් නොවන අතර, 2015 ජුනි මාසයේදීද මෙවැනිම ආකාරයේ ගුවන් හමුදා යානයක් අනතුරට පත්ව පුද්ගලයන් 143ක් ජීවිතක්ෂයට පත්වූහ.