ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් - ජීවිත හානි
(UPDATE) ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් හි, අචේ පළාතේ සිදුවූ රික්ටර් පරිමාණ 6.5ක භූ කම්පනයකින් පුද්ගලයන් 97 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති නිසා පුද්ගලයන් ඒ තුළ සිරවී සිටිනු ඇති බවද විශ්වාස කරයි.
රික්ටර් පරිමාණ 6.8ක භූ කම්පනයක් ලෙස ආරම්භයේදී සැලකුණද පසුව එය 6.5ක් දක්වාත්, 6.4ක භූ කම්පනයක් ලෙසත් ඇමෙරිකානු භූ ව්ද්‍යා සමීක්ෂණ ආයතනය මෙන්ම, ඉන්දුනීසියානු කාලගුණ අංශ විසින් දක්වා තිබුණි.
එමෙන්ම මෙම ප්‍රභල භූ කම්පනයෙන් තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එරට වේලාවෙන් අලුයම 5.03 ට පමණ භූ කම්පනය සිදුව ඇති අතර, අචේ පළාතට උතුරින් පොළොව අභ්‍යන්තරයේ කිලෝ මීටර් 17.2ක් පමණ ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිිහිටි බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවද ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
2004 වසරේදී මෙම කලාපයටම භූ කම්පනයක් සමග ඇති වූ සුනාමි තත්ත්වයෙන් මියගිය පිරිස 120,000කට වැඩිය. එම භූ කම්පනය සමග ඇති වූ සුනාමියෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ තවත් රැසකට දරුණු හානියක් සිදුවිය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

