ඉන්දුනීසියාවට බටහිරින් සාගරයේ රික්ටර් පරිමාණ 7.9ක ප්‍රබල භු කම්පනයක් ඇති වී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙම භූ කම්පනයෙන් සිදුවූ අලභානී පිළිබඳව මෙතෙක් වාර්තා නොවෙයි.
ඉන්දුනීසියානු වේලාවෙන් රාත්‍රී 7.49 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, එම භූ කම්පනයේ අපිකේන්ද්‍රය පැඩන්ග් නගරයට කිලෝමීටර් 808ක් දුරින්, පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් ඇති වි තිබෙන බවත් එම මධ්‍යස්ථානය වාර්තා කරයි.
මේ අතර, ඉන්දුනීසියානු බලධාරීන් විසින් බටහිර සුමාත්‍රා සහ උතුරු සුමාත්‍රා සහ අචේ යන ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.