ශ්රී ලංකාව හා ඉන්දියාව අතර ස්ථිර මෙන්ම ගැඹුරු සබඳතාවක් පවතින බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජනවාරි මහ පැවැත්වූ ජනපතිවරණයෙන් ජයගැනීමෙන් පසුව ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජී මහතා එවූ සුබ පැතුම් පණිවුඩයට පිළිතුරු යවමින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම අදහස් දක්වයි.
එසේම දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වය ඒකාබද්ධ වී කටයුතු කිරීමෙන් එහි ප්රතිලාභ ජනතාවට ලබාගත හැකි බවත් ජනපතිවරයා සඳහන් කරයි.