ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමටත්, තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලංකා සරණාගතයින් ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් අදාළ සාකච්ඡා විදේශ අමාත්‍ය මංගල සමරවිර මහතාගේ ඉන්දීය සංචාරයේදී අවධානය යොමුකර තිබේ.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන ඍජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීම සහ තලෙයිමන්නාරම රාමේෂ්වරම් අතරත් කොළඹ සහ ටියුටිකොරින් අතරත් බෝට්ටු ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීමටත් මෙහිදී අවධානය යොමුවී තිබෙන බව ඊයේ (22දා) නිකුත් කළ කැබිනට් මණ්ඩල තීරණවල සඳහන් වෙයි.
ඊට අමතරව,
· කොළඹ - නුවර දුම්රිය මාර්ගය, ද්විත්ව මාර්ගයක් වශයෙන් වැඩිදියුණු කිරීම,
· බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල වතු ප්‍රජාව සඳහා නිවාස 4,000 ඉදි කිරීම,
· වෙළෙඳ හා ආයෝජන සබඳතා වර්ධනය කරගැනීම,
· දෙරටේ ධීවරයන් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු.
යන කරුණු පිළිබඳවත් සාකච්ඡා කර තිබේ.