ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මුර සංචාර බෝට්ටු සේවාවක් මන්නාරමේ පල්ලියමුණෙයි ප්‍රදේශයෙන් ඊයේ (03දා) ආරම්භ කර තිබේ.
පොලිස් නාවික කොට්ඨාසය මගින් නාවික හමුදාවේද සහාය ඇතිව මෙම බෝට්ටු සේවය ආරම්භ කර ඇති අතර, මෙහි පළමු අදියර යටතේ මෙම සේවාවට පොලීසිය විසින් බෝට්ටු දෙකක් යෙදවූ බවද මන්නාරම පොලීසිය පැවසීය.
නාවික හමුදාව ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදුකරන අතර, පොලීසිය නොගැඹුරු මුහුදේ වෙරලාසන්නව මෙහෙයුම් කටයුතු දියත් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය වසරේදී මන්නාරම හා යාපනයේ පේදුරුතුඩුව යන පළාත් දෙක මේ රටට මත්ද්‍රව්‍ය ළඟාවන ප්‍රදේශ දෙකක් ලෙස හඳුනාගෙන තිබිණි.