උතුරේ සිට ඉන්දියාව දක්වා දින දහයක කාලයකට මගී නෞකාවකට ගමන් කිරීම සඳහා වසර තිස්දෙකකට පසුව ශ්රී ලංකා රජය විසින් අවසර ලබාදුන් බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.
ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියේ දකුණු ඉන්දියාවේ කෝවිලක පැවැත්වෙන හින්දු උත්සවයකට උතුරේ හින්දු බැතිමතුන් රැගෙනයාම සඳහා රජයෙන් ඉල්ලා තිබූ අවසරය ලැබීම සම්බන්ධයෙන් කළ විමසීමේදීය.
එම අවසරය ලැබී ඇත්තේ 2017 ජනවාරි මස 02 දා සිට 12 දක්වා දකුණු ඉන්දියාවේ කෝවිලක පැවැත්වෙන ''තිරුවාතිරෙයි'' හින්දු උත්සවයකට සහභාගි වන උතුරේ හින්දු බැතිමතුන් වෙනුවෙනි.
මීට පෙර ඉන්දියාව හා ලංකාව අතර නැව් ගමනාගමනයක් අවසන් වරට සිදුව ඇත්තේ 1984 වසරේදීය.