ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ඉන්දීය ධීවරයින් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍ය ජොශ්ප් මයිකල් පෙරේරා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජෙවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.බී. පලිහක්කාර, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් යන මහත්වරුන්ද එම අවස්ථාවට සහභාගී වූහ.
අනතුරුව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා සහ ජනාධිපතිතුමා අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි. එහිදී උතුරේ ධීවර ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.