ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට ඉතාමත් ඉක්මනින් කටයුතු කරන බව තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සඳහන් කරයි. ඉන්දියන් එක්රප්රස් පුවත් සේවය සඳහන් කරන්නේ ඉදිරි දින දෙක තුළදී ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට කටයුතු කරන බව ඇය ඊයේ (11) සඳහන් කළ බවයි.
හෙට (13) පටන් ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරන බවත්, එහෙයින් තමිල්නාඩු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ධීවරයින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉන්දීය මධ්‍යම රජය ජයලලිතාට දන්වා තිබේ.