ඉන්දු-ලංකා ඒකාබද්ධ කොමිසමට සුෂ්මා 5දා එයි
ඉන්දු - ලංකා ඒකාබද්ධ කොමිසමේ 09 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් 05 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය විදේශ අමාත්‍යවරිය, එළැඹෙන 05 වැනිදා මෙම ඒකාබද්ධ කොමිසමේ සැසිවාරයට සහභාගි වී දෙරටේ ධීවර ගැටළුවට විසඳුමක් දැකීම ඇතුළු තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ඒකාබද්ධ කොමිසම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් සම සභාපතීත්වය උසුලයි. දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ අරමුණින් 1992 වසරේදී ඉන්දු - ලංකා ඒකාබද්ධ කොමිසම ස්ථාපිත කර තිබේ. මේ යටතේ ආර්ථික සහයෝගීතා, වෙළෙඳ, විදුලිබල හා බලශක්ති, තාක්ෂණික හා ධීවර සහයෝගීතා, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපනික කාරණා, විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂක සහයෝගීතා, සෞඛ්‍ය, සිවිල් ගුවන් සේවා, සංචාරක සහ ජනකොටස් සම්බන්ධතා ඇතුළු විවිධ කරුණු සාකච්ඡාවට බඳුන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

