ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං මහතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විය.
දෙරටේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වැදගත් අදහස් මෙහිදී සාකච්ඡාවට භාජනය වූ බවත් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබාදෙන සහයෝගයට ඉන්දීය හමුදා මාණ්ඩලික ප්රධානීට අමාත්‍යවරයා ප්‍රශංසාව පළකළ බවත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ජෙනරාල් ඩල්බීර් සිං අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.