ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ඉන්දියාවේ කිනම් ප්රදේශයකදීවත් හමුදා පුහුණුවක් ලබා නොදෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ දමිළ ජනයාගේ සුබසාධනය පිළිබඳව මධ්‍යම රජය අවධානය යොමුකළ යුතු බවත් ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඩී. පාන්ඩියන් මහතා පවසයි.
එම පක්ෂයේ පැවැති සිව්දින රැස්වීමක් අවසානයේදී ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබෙන බව ‘ද හින්දු’ පුවත් සේවය පැවසීය.