ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඉන්දියානු සාගර ටූනා කොමිසමේ 18 වැනි ජාත්‍යන්තර සැසිවාරය 2014 අද (ජූනි 01දා) සිට 05 දක්වා කොළඹදී පැවැත් වීමට නියමිතය.
මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර, මීට පෙර මෙම සැසිවාරය ප්‍රථම වරට 2011 දී පවත්වා තිබුණි.
ඉන්දියානු සාගර ටූනා කොමිසම අන්තර් රාජ්‍ය සංවිධානයක් වන අතර එය ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 14 වැනි වගන්තිය යටතේ 1993 දී පිහිටුවන ලද්දකි.
මෙම සංවිධානය මගින් සිදු කෙරෙනුයේ ඉන්දියානු සාගරයේ පවතින ටූනා වර්ගයේ මත්ස්‍ය සම්පත කළමනාකරණය කරමින් ආරක්ෂා කිරීමය. මෙම සැසිවාරය සඳහා සාමාජික රටවල් 31ක විදේශීය නියෝජිතයින් 250ක් පමණ සහභාගි වීමට නියමිතය.
ඉන්දියානු සාගරය ආශ්‍රිතව මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ඕස්ටේ්රලියාව, බෙලීස්, චීනය, කොමොරොස්, එරිත්‍රියා, යුරෝපීය ප්‍රජාව, ප්‍රංශය, ගුනීයාව, ඉන්දියාව, ඉන්දුනිසියාව, ඉරානය, ජපානය, කෙන්යාව, කොරියාව මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිසස්, මොසැම්බික්, ඕමානය, පකිස්ථානය, පිලිපීනය, සීෂෙල්ස්, සියොරා ලියොන්, සුඩානය, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් රාජධානිය, වනුඅටු සහ යේමනය ඉන්දියානු සාගර ටූනා කොමිසමේ සාමාජිකයින් වන අතර ෂෙනගල්, දකුණු අප්‍රිකාව, සහ උරුගුවේ රාජ්‍යයන්ට ද මෙහි ඡන්ද බලය හිමිව පවතී.
ඉන්දියානු සාගර ටුනා කොමිසමේ උපදේශක කමිටුවේ උප සභාපති ධුරයද දරණ ශ්‍රී ලංකාව මෙහි ආරම්භක සාමාජිකයෙකි.