ඉන්දීය සාගර කලාපය තුළ මතුවී එන සමුද්‍ර ත්‍රස්තවාදය පිළිබඳව දැඩි අවධානයක් හා සැලකිල්ලක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම කොටි සංවිධානයේ මුහුදු ත්රස්තවාදයට වඩා ඔබ්බෙන් ගොස්, වෙළඳ නෞකාවන් පැහැර ගැනීම දක්වා සමුද්‍ර ත්‍රස්තවාදය පණගැන්වෙමින් එන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
එසේම ඉන්දීය සාගරය තුළ සාමය සහ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ අරමුණින් සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් සමුළුවක් කැඳවීම උදෙසා ශ්‍රී ලංකාව මූලිකත්වය ගැනීමට සූදානම් බව.
ඊයේ (16දා) රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ විශේෂ ආරාධිතයන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ මුඛ්‍ය දේශනය පවත්වමින් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
ඉන්දීය සාගරය තුළ ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා හොඳම මග එහි යාත්‍රා කෙරෙන හමුදා නෞකා සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දීය සාගරය සාම කලාපයක් බවට පත් කරලීම සඳහා සුවිශේෂ යාන්ත්‍රණයක් නිර්මාණය කරගත යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ඉන්දීය සාගරයට යාබද රටවල්, එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක මණ්ඩල සාමාජික රටවල් සහ ප්‍රධාන නාවික ආයතන එක්ව සම්මේලනයක් පැවැත්වීමට යෝජනා කරන බව ද පැවසීය.