(UPDATE) ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අතුළු 14 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස මධ්‍යාහ්න 12.30 ට පමණ කටුනාකයට ළගා විය.
වැඩිදුර වාර්තා ටී.කේ.ජී. කපිල
ඉන්දය විදේශ කටයුතු අැමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරනු ලැබීය. ඇය ඉන්දීයාවෙන් පිටත්වෙන දර්ශන ඉන්දීය මාධ්‍ය එළිදක්වා තිබුණි. ඇය දින දෙකක සංචාරයක් සඳහා දිල්ලියෙන් පිටත්විය.
සිය සංචාරයේදී ඇය ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් හමුවීමට නියමිතය.
ඡායාරූප ට්විටර්