ව්‍යාජ ඉන්දිය මුදල් නෝට්ටු පරිහරණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරේදා (23දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ඉන්දීය රුපියල් 1000 නෝට්ටු 181ක් හා ව්‍යාජ ඉන්දීය රුපියල් 500 නෝට්ටු 66ක් සොයාගෙන තිබේ.