ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ඉන්දියානු යුද්ධ හමුදාපති ජනරාල් ඩල්බීර් සිං හෙට (27දා) පස්වරුවේ පස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග මෙරට නිල සංචාරයක් සඳහා පැමිණේ.
සිය පස්දින සංචාරය අතරතුරදී ජනරාල් ඩල්බීර් සිං විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍යවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයීය ලේකම්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාපතිවරුන් හමුවීමට නියමිතය. මීට අමතරව දිවයිනේ ආරක්ෂක සේවා ස්ථාන කිහිපයක ද නුවර, ගාල්ල සහ අනුරාධපුර යන ප්‍රදේශවල ද ඔහු සංචාරය කිරීමට නියමිතය.