අද ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණයේදීත් ශ්රී ලංකා කණ්ඩායම හිමිකරගත් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ජයග්රහණය ප්රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. 1996 වසරේ පැවැති ඉන්දීය මහා මැතිවරණයේදී වර්තමාන පාලක පක්ෂය වන කොංග්රස් පක්ෂය පරාජයට පත් කර භාරතීය ජනතා පක්ෂය ජයගනු ලැබීය. එම වසරේදී ශ්රී ලංකා කණ්ඩායම එක්දින ලෝක කුසලාන තරගාවලිය ජයග්රහණය කිරීමට සමත්විය.
2014 වසරේදීත් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්රී ලංකා කණ්ඩයම ජයගෙන ඇති හෙයින් මෙවර මැතිවරණයේදී පාලක කොංග්රස් පක්ෂයට කුමක් වේවිදැයි යනුවෙන් විමසමින් භාරතීය ජනතා පක්ෂය විසින් මේ වන විට ට්විටර් පණිවුඩයක් යොමුකර තිබේ.