ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුමේදී ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකා හමුදාවන්ට සහාය දැක්වූ බවත්, ඒ පිළිබඳව සෙවීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කරන ලෙසත් ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දමිළ නීතිවේදියෙකු ගොනුකළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (17දා) නිශ්ප්‍රභ කළේය.
දිල්ලි නුවර දමිළ නීතිවේදීන්ගේ සංගමයේ ලේකම් රාම් ශංකර් විසින් පසුගියදා මෙම පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරමින් සඳහන් කළේ ඉන්දීය පාර්ලිමේන්තුවේ හෝ ඉන්දීය ජනාධිපතිගේ අවසරයකින් තොරව ඉන්දීය ආරක්ෂක අංශ නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුමේදී රජයේ ආරක්ෂක වෙත සහාය දැක්වූ බවයි.
රාම් ශංකර් සඳහන් කළ කරුණු අධිකරණය බලසීමාව තුළ සලකා බැලිය නොහැකි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කළේය.