ඉන්දියානු ස්ථිර නිවාස ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ඉල්ලා වවුනියාව ප්රදේශයේ ජනතාව අද (29දා) උදෑසන වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
විරෝධතාවට එක් වූ වවුනියාව ප්රදේශවාසීන් පැවසුවේ රජය හරහා ලැබිය යුතු ස්ථිර නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් නොලැබීම මත යුද්ධයෙන් පීඩාවට පත් වවුනියාව ප්රදේශයේ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටින බවයි.
ඉන්දියානු නිවාස ආධාර වැඩසටහන ඇතුළු අනෙකුත් නිවාස ආධාර යටතේ වවුනියාව ප්රදේශයේ නැවත පදිංචි ජනතාවගෙන් 20% ක පිරිසකට ස්ථිර නිවාස ලැබී තිබුණද, වවුනියාව දිස්ති්රක්කයේ නැවත පදිංචි ජනතාව සියයට 80% ක ප්රමාණයකට මේ වනතෙක් ස්ථිර නිවාස නොලැබී ඇති බැවිද විරෝධතාකරුවෝ පැවසූහ.
වවුනියාව මධුෂංඛ අමරසිංහ