ඉන්දු ලංකා ධීවර ගැටලු විසඳීම සම්බන්ධයෙන් අද (25දා) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ධීවර සාකච්ඡාව කල් දමා තිබේ.
ඒ එම සාකච්ඡා සඳහා ඉන්දීය ධීවර නියෝජිතයන් සහභාගී නොවීම හෙතුවෙනි. දෙරට අතර කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ධීවර සාකච්ඡා අත්හැර දමනු ලැබූ දෙවැනි අවස්ථාවද මෙය වෙයි.
තමින්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මීට පෙර සඳහන් කර තිබුණේ ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් නොකරන්නේ නම් තම්ල්නාඩු ධීවර නියෝජිතයන් කොළඹදී පැවැත්වෙන සාකච්ඡා සඳහා සම්බන්ධ නොවන බවයි.