උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයෝ16 දෙනෙක් අද (01දා ) අලුයම ඩෙල්ෆ් මුහුදු තීරයේදීයාපනය කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මොවුන් ඉන්දියාවේ පුදුකොට්ටෙයි ප්රදේශයේ සිට උතුරු මුහුදු සීමාවට පැමිණීමේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් විසින් ධීවර කටයුතු සඳහා යොදාගත් යාත්රා 3ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
කන්කසන්තුරෙයි නාවික හමුදාව විසින් සැකකාර ධීවරයන් පිරිස පොලීසිය වෙතට භාරදීමෙන් පසුව සැකකාර ධීවරයන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.