ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ඉන්දීය ධීවරයින්ට වෙඩි තැබීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යවමින් දැනුම් දි ඇත.
ඊයේ (06දා) රාත්‍රියේදි ඉන්දීය ධීවරයින්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති ඇතැයි ඉන්දීය ධීවරයින් චෝදනා එල්ල කර තිබේ.
ඉන්දීය ධීවරයින් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට චෝදනා එල්ල කර ඇතැත් නාවික හමුදාව එය ප්‍රතික්ෂේප කර ඇතැයි ධිවර අමාත්‍යාංශය කියයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ ද අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින හොඳ හිත හා මිත්‍රත්වය පළුදු වීමට මෙවැනි සිදුවීම් වලින් ඉඩ නොතබන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.