නීතිවිරෝධීව ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට දකුණු ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම සියයට 50කින් අවම වී ඇතැයි නාවික හමුදා හා වෙරළාරක්ෂක බළකාය පැවැසූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෙසේ වෙතත් අවම වශයෙන් සතියකට දින තුනක් ඉන්දීය ධීවර යාත්‍රා 5,000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ සතියකට මසුන් මෙට්‍රික් ටොන් 6,000ක් පමණ නීතිවිරෝධී ලෙස අල්ලන බවද ඔහු පැවැසීය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව රුපියල් මිලියන 9,000ක් පමණ මුදලක් අහිමිවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ධීවර ගැටලුව විසඳීම සඳහා ඉන්දීය රාජ්‍ය බලධාරීන් සමග තවත් සාකච්ඡා වටයක් එළඹෙන ජනවාරි 02 වැනිදා කොළඹදී පැවැත්වෙන බවත් ඒ සඳහා ඉන්දීය විදේශ ඇමතිවරිය, ඉන්දීය ධීවර අමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණනාවක් සහභාගී වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.