තලෙයිමන්නාරම් උතුරු මහුදු තීරයේදී අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු ධීවර යාත්රා 3ක් ද සමග ඊයේ (27 දා) නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස මන්නාරම් මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.