ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් සඳුදා ගත්අත් අඩංගුවට ඉන්දීය ධීවරයින් 18 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා පම්බන්හි ධීවරයින් පිරිසක් ඊයේ (01) සිය අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත. මෙම සත්‍යග්‍රහය සඳහා ඉන්දීය ධීවරයින් 3000 ක් පමණ සහභාගී වී ඇත.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළුව නිමා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය මං මොහන් සිං මහතා මෙම සතිය තුළදී මැදිහත් වීමට නියමිතව තිබූ අතර නාවුක හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමත් සමඟ එම රාජත්‍රාන්ත්‍රික මැදිහත් වීමට ගැටළුවක් ඇති වනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.