අනවසරයෙන් තලෙයි මන්නාරම් මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඊයේ (11දා) මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මන්නාරම මහෙස්ත්රාත් කේ. ඇලෙක්ස්රාජා මහතා නියෝග කරනු ලැබීය.
ඉන්දියාවේ රාමෙස්වරන් සිට පැමිණි මෙම ධීවරයන් 12 දෙනා තලෙයිමන්නාරමට වයඹ දෙසින් පිහිටි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ධීවරයන් පැමිණී ධීවර යාත්රා දෙකක්ද වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.