නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ රාත්‍රී 09.30ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ධීවරයින් ඩෙල්ෆ්ට් ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, එවුන් හා සමග ට්‍රෝලර් යාත්‍රා 03ක් ද හමුදා භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තමිල්නාඩුවේ ධීවරයින් පිරිසකි.
අත්අඩංගුවට ගත් එම ධීවරයන් සහ ට්‍රෝලර් යාත්‍රා 20 වන දින කයිට්ස් උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.