උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු යාපනය පේදුරුතුඩුව නැගෙනහිර වෙත්තිලකේනි මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් ඊයේ (10 දා ) අත්අඩංගුවට ගත් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය පැවැසීය.
ඉන්දීය ධීවරයින් පිරිස සමග බහුදින ධීවර යාත්රා දෙකක්ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුව ඔවුහු පේදුරුතුඩුව පොලීසියට බාර දී ඇත.
පසුව ඔවුන් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝම්බර් මස 23 වන දා දක්වා බන්ධනාගාර ගත කිරීමට පේදුරුතුඩුව වැඩබලන මහෙස්ත්රාත් වරයා විසින් නියෝග කොට ඇත.