කොපමණ අත්අඩංගුවට ගත්තද ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට පැමීණීම වළැක්වීමට නොහැකි වී ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. නිතිවිරෝධී ධීවරයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව වෙත පූර්ණ බලය ලබා දී ඇති අතර, එලෙස අත්අඩංගුවට පත්වන්නන් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
ඉන්දියානු ධීවරයන් විසින් ශ්‍රී ලංකා මුහුදෙහි මසුන් මැරීම පිළිබඳ කල් තැබීමේ විවාදය අද (09දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේ එයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේබව පැවසීය.
ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුහන්දිරම් මහතා එය ස්ථිර කළේය.