ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයින් 76 දෙනෙකු නිදහස් කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ද හින්දු පුවත් සේවය පැවැසුවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා නිව්යෝක් නුවරදී පැවැති සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම නිදහස් කිරීම සිදුකර තිබෙන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවුක හමුදා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවර යාත්‍රා නිදහස් කිරිමක් සම්බන්ධයෙන් මෙහිදී තහවුරුක් ලබා දී නොමැති බවද හින්දු පුවත් සේවය පැවැසිය.