ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 78 දෙනා නිදහස් කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
ඉන්දියාව හා ශ්රී ලංකාව අතර හොඳහිත වර්ධනය කරගැනීම සඳහා ඉන්දීය ධීවරයන් මෙසේ නිදහස් කර තිබේ.
එසේම තවදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා පවසන්නේ ඉන්දියානු අත්අඩංගුවේ පසු වූ ශ්රී ලංකා ධීවරයන් නිදහස් කිරීමට ගත් ක්රියාමාර්ගය සතුටින් භාරගන්නා බවයි.
ඉන්දීය අත්අඩංගුවේ පසුවන ඉතිරි ශ්රී ලංකා ධීවරයන්ද නිදහස් කරගැනීමට ක්රියාමාර්ග ගන්නා බවද ජනපතිවරයා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් පවසයි.