ඉන්දියානු ගමන් බලපත්ර උපයෝගි කරගෙන ලාංකික කාන්තාවන් විදෙස් ගතකල මහා පරිමාණ ජාවාරමක් හෙළි කර ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ.
ඊයේ (24දා) සවස 5.30ට පමණ කටුනායක ගුවන්තොටුපොලෙන් ඉන්දියානු ගුවන් ගමන් බලපත්ර හිමි කාන්තාවන් හයදෙනෙකු සංචාරක වීසා මත ඩුබායි රටට යෑමට පැමිණ ඇත.
ඔවුන් පිළිබඳව සැකසිතූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොල ඒකකයේ නිළධාරීන් ඔවුන්ව පරීක්ෂා කිරීමේදී එම කාන්තාවන් සතුව ඉන්දීය රජය මගින් නිකුත් කරන ගමන් බලපත්ර 6ක් තිබී ඇති අතර, ඒවායේ ඇතුලත් කර ඇත්තේ ශ්රී ලාංකිය කාන්තාවන් 6 දෙනෙකුගේ තොරතුරු වේ.
මීට අමතරව මොවුන් සතුව ශ්රී ලංකා රජය මගින් නිකුත් කරන ගමන් බලපත්ර 6ක්ද තිබී ඇත. මෙම සැකකාරියන්ගෙන් කල ප්රශ්න කිරීම්වලදී හෙලිවී ඇත්තේ ඉන්දියානු ගමන් බලපත්ර, කාර්යාංශය මගින් සිදුකෙරෙන පරීක්ෂා කිරීම්වලින් නිදහස්වීමට උපයෝගි කරගත් බවයි.
මීට අමතරව මෙම කාන්තාවන් විසින් මෙම ජාවාරම කරගෙන යන අය පිළිබඳ තොරතුරු හෙළි කර ඇති අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත. මෙම ජාවාරම කලක සිට කරගෙන යන ජාවාරමක් බවට තොරතුරු හෙළි වී ඇත.