අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ නියමය පරිදි විශේෂ අවසරයකින් තොරව බාහිර පුද්ගලයෙකුට ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට ඇතුළු විය නොහැක.
නමුත් ඊයේ (22දා) ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතරත්, ක්‍රීඩකයන් අතරත් ජනාදරයට ප්ත් පර්සි අබේසේකර ඉන්දීය ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විවේකාගාරය අතුළු විම ඉන්දීය මාධ්‍ය තුළ තරමක් කතා බවට ලක්ව තිබේ.
ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ පරසි අබේසේකර මහතා ආරක්ෂක විධිවිධාන උල්ලංගනය කරමින් ක්‍රීඩා විවේකාගාරයට ඇතුළු වූ බවයි.
නමුත් පර්සි සඳහන් කරන්නේ ඉන්දීය නායකයාගේ ඇරයුමෙන් තමන් ඉන්දීය ක්රීඩාවිවේකගාරයට ගිය බවයි.
ඊයේ දිනයේදී වර්ෂාව හේතුවෙන් තරගය මදකට නවතා තිබූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවිය.
"කෝලි මට ඉන්දීය ක්‍රීඩාගාරයට එන්න කියලා ඇරයුම් කළා. ඔවුන්ට මාව හමුවෙන්න ඕන වුණා. මම ඉන්දීය කොල්ලෝ වෙනුවෙන් හින්දි ගීත ගායනා කළා. අපි වැළදගෙන හාදු දුන්නා. ඒ වගේම ඒක විනෝදයි. ඉන්දීය දූෂන විරෝධී ඒකකයේ නිලධාරීන් එහි හිටියා. ඔහු මාව ඇතුළුට එනවාට කැමැත්තුවක් දැන්නේ නෑ. ඔහු මට කිවුවා ක්‍රීඩාගාරයට අැතුලු වීමට අවසර දෙන්නේ නෑ කියලා පිටවෙන්න කිවුවා. මම කිව්වා මම අවුරුද්දකට ගොඩක් ක්‍රීඩකයන් හමුවෙනවා කියලා. මේක මට කලු පැල්ලමක් නෙමෙයි. මම සාමන්‍යයෙන් ක්‍රීඩාගාරයට යන්නේ නෑ. නමුත් මම ගියේ මට ආරාධනා කල නිසයි" යැයි පර්සි මහතා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්සේවයට පවසා තිබේ.
ඡායාරූප - හිරු නිවුස්