මෙවර ශ්‍රි ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිතය. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණිමට එරෙහිව ඉන්දියාවේ හින්දු පක්ෂයක් විරෝධය දක්වා තිබේ.
එච්.එම්.කේ. පක්ෂයේ නායදක අර්ජුන් සම්පත් මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය දක්වා තිබේ. ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකවේ වෙසෙන හින්දූන් මර්දනය කරන බව සඳහන් කරමින් ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය දක්වා තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළැඹෙන 12දා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළේලේ සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.