ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගේ නවදිල්ලි නුවර පිහිටි කාර්යාලයේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කළ බව එරට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.
අද උදෑසන ගොඩනැගිල්ලේ බටහිර කොටසෙහි දුමාරයක් හඳුනාගෙන තිබුණු අතර, ක්ෂණිකව ගිනි නිවන හමුදාව එම ස්ථානයට කැඳවීමට බලධාරීන් කටයුතු කොට තිබේ.
එමෙන්ම ගින්න ඇතිවන අවස්ථාවේදී මන්මෝහන් සිං මහතා කාර්යාලයේ නොසිටි බවද කියැවෙයි.
ඉන්දීය අගමැති කාර්යාලයේ ප්රකාශකයෙකු පසුව පවසා සිටියේ එම කාර්යාලයේ වූ පරිගණකයක විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිවී තිබෙන බවය.
කෙසේ වෙතත් ගින්න පැතිරීයාම වැළැක්වීමට ගිනි නිවන හමුදාව ක්ෂණිකව ක්රියාත්මක වීම නිසා ගොඩනැගිලි, දේපොළ හෝ ජීවිතවලට කිසිදු ආකාරයක හානියක් සිදු නොවුණු බවද අගමැති කාර්යාලය පවසයි.