කල්පිටිය ඉප්පන්තිවු දූපත ආසන්න මුහුදේදී, ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ තාරකා ඉබ්බන් 2089 දෙනෙකු සහිත ගමන් මලු හතරක් ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් එක් සැකකරුවෙකු ද සමගින් අද (18දා) අලුයම අත්අඩංගුවට ගත් බව කල්පිටිය විජය නාවුක හමුදා කඳවුර පවසයි.
මෙම යාත්‍රාවේ තිබී අශ්වබළ 40 අතීරේක එන්ජිමක්ද නාවික හමුදා බාරයට ගෙන තිබේ.මෙම තාරකා ඉබ්බන් ඉතා සූක්ෂම ලෙස ගමන් මලු හතරක, අසුරා තිබුණු බවත්, මේවා වෙනත් රටකට අපනයන කිරීම සඳහා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස, ශ්‍රී ලංකාව භාවිත කරන නවික හමුදා නිලධාරීහු සැක පළ කරති.
අත් අඩංගුවට පත් සැක කරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනාම කල්පිටිය නගරයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් සහ ඉබ්බන් සින්නපාඩුව රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.
කල්පිටිය - කුමාරී කොට්ටහච්චි