ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය සුධර්ශන් සෙනෙවිරත්න මහතා ඉන්දීය ජනාධිපති ප්රානාබ් මුඛර්ජි මහතා වෙත අක්තපත්‍ර ප්රදානය කිරීම ඊයේ (31දා) රාශ්ට්‍රපති භවන් හිදී සිදු කෙරිණි.
අක්තපත්‍ර භාරදීමේ උත්සවය අවස්ථාවේ පැවති හමුවේදී ශ්‍රී ලංකා මහ කොමසාරිසරිස්වරයා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුබපැතුම්ද ඉන්දීය ජනාධිපතිවරයා වෙත එක්කළ අතර, එහිදී ඉන්දීය ජනාධිපතිවරයාද සිය සුබපැතුම් එක්කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග මීට පෙර සිදුකළ හමුවීම් සිහිපත් කළේය.
එමෙන්ම, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික හා සමීප සබඳතා පිළිබඳවද ඉන්දීය ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා අතර අදහස් හුවමාරු වූ අතර, දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ පොරොන්දුවද සපථ කළහ.