2006 වසරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිත කරනු ලැබූ ඉන්දියානු වෙරළාරක්ෂක ˝වරහා˝ නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් ප්රදානය කිරීමේ උත්සවය කොළඹ වරාය මගී පර්යන්තයේ දී අද (27දා) දින නාවික සම්ප්‍රදායානුකූලව සිදු කෙරිණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් වයි.කේ. සින්හා මහතා සහභාගී වූ අතර, මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් ද එක්ව සිටියහ.
ගැඹුරු මුහුදු නිරීක්ෂණ මුර නෞකා ගණයට අයත් මෙම නෞකාව 1992 වර්ෂයේ ඉන්දියාවේ දී නිෂ්පාදනය කර ඇත. මීටර් 75ක දිගකින් හා මීටර් 11ක පළලකින් යුත් මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා කරනු ලැබූ මෙහෙය වෙනුවෙන් නිදහස් කල් බදු පදනම මත 2006 වසරේ දී ලබාදෙන ලදී. අවසන් යුද සමයේ නාවික හමුදාව සිදුකළ මෙහෙයුම් රැසක්ම සාර්ථක කර ගැනීමට දායක වී ඇති සාගර නෞකාව, 2009 වර්ෂයේ සිට මේ දක්වා මුහුදේ සිදුකළ නිරීක්ෂණ රාජකාරීන් රාශියකට ද සිය සක්‍රීය දායකත්වය සපයා ඇත.