යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී මසුන් අල්ලමින් සිටි ධීවර යාත්රාවක තිබූ ඉන්දියාවට අයත් යතුරුපැදියක් ධීවරයින් සිව් දෙනෙකුද සමඟ ඊයේ (24 දා) අත්අඩංගුවට ගත්බව වැල්වැටිතුරෙයි පෙලීසිය පවසයි.
ධීවර යාත්රාවේ කේරල ගංජා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරින් යාත්රාව වටලා සෝදිසි කිරීමේදී ඉන්දියාවේ ලියාපදිංචි යතුරුපැදියක් හමුව ඇත. යතුරුපැදිය කුමන හේතුවකට ගෙන එන්නට ඇත්දැයි යන්න පිළිබඳව වැල්වැටිතුරෙයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.